Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දැත් දෙපා නොමැතිව ශිෂ්‍යත්වයෙන් හපන් කම් පෑ පුංචි සිතිල

3 years ago

උපතින්ම අත් දෙක සහ පාද දෙක අහිමිවූ දරුවකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160 ක් ලබාගෙන සමත්වී ඇතැයි වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙන් වාර්තා වනවා.

මෙසේ විභාගය සමත්ව ඇත්තේ එම්.එම්. සිතිල තෙව්ජාන් දම්යුරු නැමැති සිසුවෙකි.

දරුවා අත් පා නොමැතිව අබාධිතව ඉපදුනු හේතුවෙන් දරුවාගේ පියා දරුවාගේ මව සමග අමනාපයක් ඇතිකරගෙන දරුවා කුඩා කාලයේදීම මව සහ දරුවා හැර ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව දැඩි ආර්ථික අපහසුතාවයන් මධ්‍යයේ දරුවා මෙවැනි තත්වයකට ගෙනඒමට කැප වූ බව දරුවාගේ මව කීවාය.

මෙම දරුවා පළමු වසරේ සිටම සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ අතර මුල් වසරවලදී මෙසේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා වෙන්වූ ඒකකයේ ඉගෙනුම බවත් පසුව වෙනත් සාමාන්‍ය දරුවන් හා එක්ව සාමාන්‍ය පංතිවල ඉගෙනුම ලැබූ බවත් විද්‍යාලයේ විදුහල්පති ගාමිණී කරුණානායක මහතා පැවසීය.