Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

කොම්පඤ්ඤවීදියේ පුංචි යුද්ධයක්! වැටලීමකට ගිය පොලිස් නිළධාරීන්ට පෙට්‍රල් දමා ගිනි තැබීමේ උත්සහයක්!

3 years ago

කොළඹ දකුණු කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් ගංජා ග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුණු පිරිසක් පොලිසියට පහර දී පෙට්‍රල් විසිකර ගිනි තැබීමට උත්සාහ කිරීම නිසා කොම්පඥ්ඥවීදිය 57 වත්ත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක ඇතිව තිබෙනවා.

මෙම තත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් පරීක්ෂකවරයා අහසට වෙඩි තබා තිබෙනවා.

එම අවස්ථාවේදී විලංගු සමගින් සැකකරුවන් දෙදෙනෙක් පළා ගොස් තිබෙනවා.

පසුව කොම්පඤ්ඤවීදියේ පොලිසියේ කණ්ඩායමක් පැමිණ තත්වය පාලනය කළ බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 27 වනදා තෙක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.