ගුරුවරුන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා වංචනික ලෙස බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 25 හා 37 හැවිරිදි ගිරාදුරුකොට්ට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මොවුන් ගුරුවරුන් ලෙස පෙනී සිටිමින් ගම්පහ, ජාඇල, කඳාන, පමුණුගම, වීරගුල, පූගොඩ හා පේරාදෙණිය යන ප්‍රදේශවල මෙම වංචනික ක්‍රියා සිදු කර ඇති බව සැකකරුවන් පිළිබඳ සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
එම ප්‍රදේශවල පාසැල් ළමුන් ගේ දෙමාපියන්ට ව්‍යාජ දුරකථන අංකවලින් ඇමතුම් ලබා දී තම දරුවන් අසනීප වී රෝහල්ගත කර ඇති බැවින් හදිසි ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බව පවසා සිය ගිණුම්වලට මුදල් බැර කරගෙන ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන අතර මෙම සැකකරුවන් ලක්ෂ 25ක පමණ මුදලක් මෙලෙස වංචා කර ඇති බව හෙළි වී තිබේ.

