තිස්සමහාරාම – කාවන්තිස්සපුර ප්‍රදේශයේදී බිරිඳ සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් දුර දිග යාමෙන් බිරිඳ විසින් නිවසේ තිබූ ක්‍රිකට් පිත්තකින් සැමියාගේ හිසට පහරදී ඇති බවයි.
බරපතළ තුවාල ලැබූ සැමියා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගත් බවයි.

