මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේ පොල් සොරකමේ ගිය පුද්ගලයකුට මුරකරු විසින් වෙඩි තබා ඇති බව කටාන පොලීසිය පවසයි.
වෙඩි වැදුණු පුද්ගලයාගේ වයස අවුරුදු 32ක් බව පොලීසිය පවසයි.
වෙඩි වැදුණු පුද්ගලයා මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

