Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රෑට අහස බැලුවොත් දර්ශනීය උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාවක්

3 years ago

දර්ශනීය උල්කාපාත වර්ෂාවක් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දැකගැනීමට මෙරට ජනතාවට අවස්ථාව උදා වී ඇතැයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ආචාර්ය ගීතාංජන වනිගසේකර ප්‍රකාශ කළේය.

අද මධ්‍යම රාත්‍රි 12.00 සිට අලුයම 2.00 ක් අතර උල්කාපාත වර්ෂාව පැහැදිලිවම නිරීක්ෂණය කරගත හැකි බවද ඔහු පැවසීය.

සිංහ තරු රටාව තුලින් එම උල්කාපාත වර්ෂාව ආරම්භ වන බවද පැයකට උල්කාපාත 50 කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි බවද ආචාර්ය ගීතාංජන වනිගසේකර ප්‍රකාශ කළේය.