Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පැය කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු නායකයාගෙන් ඉන්දියානුවන් කුපිත කරවන සැර ප්‍රකාශයක්

3 years ago

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ඉන්දියාවේ, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ය.

මූලික වටයේ තරග 09න් 09ම ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම, අවසන් තරග සඳහා පිවිසෙන්නේ, ඉතාම ප්‍රබල මානසිකත්වයක් යටතේ වීම විශේෂත්වයකි.

අද තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රතිවාදින් වන ඔස්ට්‍රේලියාව ද මූලික වටයේ දී ඉන්දියාව හමුවේ කඩුලු 06ක පරාජයක් ලැබුවේය.

ඕස්ට්‍රේලියාව මෙවර තරගාවලියේදී සහභාගී වූ මූලික වටයේ තරග 9න් 7ක් ජය ගැනීමට සමත් විය.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව ඇත.

ඔහු පවසන්නේ විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බවයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනු, ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසු වන බව ද පැට් කමින්ස් පවසා තිබේ.

විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ලක්ෂයකටත් වඩා අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වීමට නියමිතය.

සියලු ප්‍රේක්ෂකයන් පැහැදිලිවම ඒකපාර්ශ්වික වනු ඇති නමුත් නිල් පැහැති කමිස හැඳි ලක්ෂයකට වඩා විශාල සෙනඟක් නිෂ්ශබ්ධ ව සිටින බව ඇසීම තරම් තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු නායකයා පවසයි.