Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

3 years ago

පාසල්වල පවතින දැඩි අවදානම් සහගත ගොඩනැගිලි ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමය පවසනවා.

පසුගිය 16 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී දැරියක මිය යාමේ සිද්ධියට එරෙහිව මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බව එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.

මේ අතර පළාත්සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැයෙන් පාසල් ගොඩනැගිලි සංවර්ධනය වෙනුවෙන් පළාත්සභා සඳහා විශේෂ ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි.