මේ වන විට වෙළඳපොළෙහි සීනි සහ කීරි සම්බා සහල්වල හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
පසුගියදා සීනි සඳහා බදු පැනවීමත් සමග වෙළඳපොළෙහි සීනි මිල ඉහළ ගිය අතර පසුව රජය විසින් සීනි සඳහා පාලන මිලක්ද පනවනු ලැබුවා.
රට තුළ සීනි හිඟයක් ඇති වීමට ඉඩකඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ රට තුළ සීනි මෙටි්රක් ටොන් 19,000 ක් මේ වනවිට පවතින බවයි.
වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ හෙට දිනයේදී සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.
එහිදී සීනි මිල සහ හිඟයට විසදුම් ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

