2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත් වූ අතර එයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමි විය.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ 2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බවය.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

