Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසලක පැති බැම්මක් කඩා වැටෙයි! පාසල දින දෙකක් වසා තැබීමට තීරණයක්!

3 years ago

පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර- වත්තේගම බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ආසන්නයේ පැවති විශාල පැති බැම්මක් කඩාවැටී තිබෙනවා.

මේ අතර එම ප්‍රදේශයට ඊ‌යේ (20) පස්වරුවේ සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් පාසලේ ගොඩනැගිලි රැසක් ද ජලයෙන් යටවී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව යොදවා තිබේ.

පාසලේ විදුහල්පතිනිය වෙත පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්
උපදෙස් ලබාදී ඇත්තේ අද (21) සහ හෙට (22) යන දෙදින පාසල වසා දමන ලෙසයි.

මෙම ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂා කිරීමට නියමිත බවද වාර්තා වේ.