ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලද පරාජය දරාගත නොහැකිව ඉන්දීය ක්‍රීඩාලෝලීන් කිහිපදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණම් හා සියදිවි නසා ගැනීම් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය වාර්තාවන්ට අනුව එක් ඉන්දීය ජාතිකයෙකු කම්පනයෙන් මියගොස් ඇති අතර, තවත් දෙදෙනකු සියදිවි හානි කරගෙන තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම ලද පරාජය දරාගත නොහැකිව ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බන්කුරා දිස්ත්‍රික්කයේ 23 හැවිරිදි තරුණයෙක් ගෙළවැළලාගෙන මියගොස් තිබේ.
මේ අතර ගුවහාටි නුවර පුද්ගලයෙක් තරග පරාජය නිසා ඇතිවූ කම්පනයෙන් මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය කණ්ඩායමේ පරාජයෙන් පසු දැඩි මානසික පීඩනයකට ලක්වූ ඔහු රාත්‍රී ආහාරයද නොගෙනම නින්දට ගොස් තිබූ අතර පසුව ප්‍රතිචාර නොදැක්වීම නිසා රෝහල්ගත කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් ඇතිබව දැනගෙන තිබේ.
මේ අතර ඔඩීෂා ප්‍රාන්තයේ ජායිපූර්හී තරුණයෙකුද වේදනාව දරාගත නොහැකිව සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.

