මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් පරිශ්‍ර වලින් සියයට 70%ක් පමණ මදුරුවන් බෝවන ස්ථාන පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.
බස්නාහිර පළාත තුළ පසුගිය දින කිහිපයේ සිදුකළ කීට විද්‍යා සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇතැයි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න සදහන් කරයි.
පාසල් පරිශ්‍ර වලට අමතරව පොදු ස්ථාන රැසකම ඩෙංගු බෝවන ස්ථාන පවතින බවට අනාවරණය වී ඇති බවද විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න සදහන් කරයි.
මේ අතර මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 ඉක්මවා ඇති අතර ඉන් 50%කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අධි අවදානම් කලාප 45ක් නම් කළ අතර ඉන් කලාප 21ක් පිහිටා ඇත්තේද බස්නාහිර පළාත තුළය.

