ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා අද(22) දින විශේෂ ප්රකාශයක් සිදු කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ඊයේ (21) දින පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත වීම ගැන සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවය.
එමෙන්ම මේ වනවිට ප්රජාතන්ත්රවාදය රට තුළ ඇති කර ඇති බව පැවසු ජනාධිපතිවරයා, ලබන වසරේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ද කියා සිටියේය.
ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
“අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි.”
“මං ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ මම පවත්වනවා.”

