බංග්ලාදේශයේ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් එළඹෙන බංග්ලාදේශ මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.
ඔහු ඒ සඳහා අවාමි පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශකීබ් අල් හසන් ලබන වසරේ ජනවාරි මස 07 වනදා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා පාලක බංග්ලාදේශ අවාමි ලීගයෙන් දේශපාලනයට පිවිසෙනු ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ශකීබ් අල් හසන් ඩකා අගනුවරට හෝ නිරිතදිගින් පිහිටි ඔහුගේ උපන් දිස්ත්‍රික්කය වන මගුරාට තරග කිරීමට සූදානමින් පසුවන බව පැවසෙනවා.

