පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට් ආහාරයට ගන්නා ලෙස බලකළ රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබේ.
එම විදුහලේ 11 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් හත් දෙනෙකු පසුගිය 21 වනදා දිවා ආහාරය කැම ඔතන පොලිතින් වල දමා එය පත්තර පිටුවකින් ඔතාගෙන පැමිණ ඇත.
එම සිසුන් හත්දෙනා විවේක කාලයේදි දිවා ආහාර ලබා ගැනිමෙන් අනතුරුව රැගෙන එන ලද පොලිතින් සහ පත්තර පිටු නැවත නිවසට රැගෙන යාමට පාසල් බැගයට දමාගෙන සිටියදි එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ඒවා ඉවතට ගෙන ළමුන් හත්දෙනාටම එම මොහොතේම සපා කන ලෙස ලබාදුන්නේ යැයි කියන උපදෙස් මත එම ළමුන් හත්දෙනා විසින් පොලිතින් සහ පත්තර අනුභව කර ඇත.
එසේ පොලිතින් සහ පත්තර අනුභව කල ළමුන් හත්දෙනා අතරින් එක් ළමයෙකු (21) දින පස්වරුවේ සහ තවත් සිසුවෙකු (22) දින උදරයේ අමාරුව , වමනය , උගුරේ අමාරුව යන රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඔහුන්ගේ දෙමව්පියන් විසින් ඇතුලත් කර ඇත.

