Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වසර 6ක තරග තහනමක්

3 years ago

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන මාලන් සැමුවෙල් හට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

ඒ අනුව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් මාලන් සැමුවෙල්ස්ට එරෙහිව වසර 6ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූ 2012 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා සම්මාන හිමිකර ගැනීමටද මාලන් සැමුවෙල්ස් සමත් විය.