අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගල්පාත, වටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක්.
අකුණුසැර වදින අවස්ථාවේ පාසල් සිසුවා සිය නිවසේ කොරිඩෝවේ රැඳී සිට ඇති බව ඔහුගේ ඥාතීන් පවසනවා.
අකුණුසැර සමග ඇතිවූ කම්පනයෙන් සිසුවා බිම ඇදවැටී ඇති අතර ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණද රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව සදහන්.
සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා හොරණ රෝහල වෙත යොමුකිරීමට නියමිත අතර අඟුරුවාතොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

