Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතොසේ මත්පැන් සොරා බී සතොසේ සිටියදී අත්අඩංගුවට

3 years ago

රත්නපුර සේනානායක මාවතේ පිහිටි සතොස අලෙවි ප්‍රදර්ශනාගාරය අවස්ථා දෙකකදී බිඳ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමක් ඇති මත්පැන් බෝතල් ඇතුළු භාණ්ඩ සොරාගැනීමට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සතොස අලෙවිසැල බිඳ ඔවුන් මත්පැන් බෝතල් 40ක් පමණ සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන් මත්පැන් බෝතල් 15කට ආසන්න ප්‍රමාණයක් එක් සැකකරුවෙක් මිතුරන් හා එක්ව පානය කර තිබු බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 37, 36 සහ 19 යන වයස්වල පසුවන්නන් බවයි පවසන්නේ.

පොලිසිය සඳහන් කළේ ඉන් දෙදෙනෙක් මත්කුඩුවලට තදින් ඇබ්බැහි වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.