ක්රිකට් පුහුණු අංශයේ ඊයේ ( 22) සවස උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
ඛෙත්තාරාම ක්රීඩාංගණයේ උසස් දක්ෂතා අංශයේ පැවැති පුහුණුකරුවන්ගේ රැස්වීමක් අවසානයේ සහය පුහුණුකරු නවීඩ් නවාස් හා පන්දු රැකීම් පුහුණුකරු ඇන්ටන් අතර මෙම බහින් බස්වීම ප්රථමයෙන් ආරම්භ වී තිබේ.
පසුව එය අතින් පයින් සිදුවන ගැටුමකට තත්ත්වයකට වර්ධනය වී තිබේ.
ක්රීඩාංගන සේවකයින් පවසන්නේ මෙහිදී ඉතා උද්වේගකර ආකාරයෙන් එකිනෙකා අදහස් පළ කළ බවයි.
මෙයට ප්රධාන පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් හා උසස් දක්ෂතා අංශ ප්රධානී ටිම් මැකක්ස්කිල් හා උපදේශක මහේල ජයවර්ධනද සහභාගි වීම නිසා ගැටුම තවදුරටත් වර්ධනය වී ඇත.
ලෝක කුසලාන තරගාවලියේ පරාජයට හේතු වුයේ පිතිකරණ දුර්වලතාද නැතහොත් පන්දු රැකීමේ දුර්වලතාද යනුවෙන් ආරම්භ වූ විවාදය මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

