ලබන වසරේදී රජයේ පාසල්වල ප්‍රාථමික අංශය සඳහා දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හැකි වුවහොත් 06 සහ 07 ශ්‍රේණිවල දරුවන්ටද දිවා ආහාරය ලබාදීම කටයුතු කරන බවයි.
එමෙන්ම ජනවාරි මාසය වනවිට ලබන වසරට අදාළ පෙළපොත් බෙදාදීම ද අවසන් කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

