ජාඇල ඇළට පැන පලායාමට තැත් කළ සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පනින ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඇලේ දිය වැලට හසු වී අතුරුදන්ව ඇති බව ජාඇල පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ ජාඇල පොලිසියේ ක්‍රිශ්නමුර්ති තිරදාපන් නැමැති පොලිස් කොස්තාපල්වරයෙක්.
නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සදහා මාංචු දමා පොලිසියේ රදවා සිටිය සැකකරුවෙකු පොලිසිය ආසන්නයේම ඇති ජාඇළ ඇලට පැන, පළා යාමට උත්සහ ගැනීමේදී මෙම සිදුවීමට හට ගෙන තිබෙනවා.
පැනයාමට උත්සහ ගත් සැකකර යළි අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය සමත්ව ඇති බවද වාර්තා වෙනවා.
මේ දිනවල ඇද හැලෙන ධරානිපාත වර්ෂාව නිසා ජාඇල ඇලේ සැඩ ජල පහරක් ගලා යමින් පවතින අතර අතුරුදහන්ව ඇති පොලිස් නිලධාරියා සොයා නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇති බව ජාඇල පොලීසිය පවසනවා.

