ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලයේ මුදලින් රුපියල් 63,000 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ අදාල ගෙවීම් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස එම මණ්ඩලයේ විගණන අංශයට යොමු කර ඇති බවයි.
එම විගණන වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව නිෂ්චිත ප්‍රකාශයක් කළ හැකි බවත සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
මෙම නිලධාරිනිය අදාල රුපියල් 63,000 ක මුදල සංචාරය නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙස මුදල් කළමනාකරු වෙත නියෝග කර ඇති බවත් ඒ අනුව එම මුදල මේ වන විටත් සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නිලධාරිනිය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත නිළධාරිනියකි.
මින් පෙරද මෙම නිලධාරිවරිය සති ගණන් අඛණ්ඩවට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් මතු වුවද ඇයට එරෙහිව කිසිඳු පියවරක් ගෙන නොමැත.

