Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ගැන අධිකරණයෙන් දුන් අලුත්ම නියෝගය

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ පොලිසිය අසාධාරණ ලෙස ක්‍රියා කර ඇති බව අධිකරණය තීන්දු කර තිබෙනවා.

විනිසුරුවරිය ප්‍රකාශකර ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු ඇති බවයි.

එමෙන්ම විනිසුරුවරිය නියෝග කර ඇත්තේ ධනුෂ්කගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසටයි.

කාන්තාවකගේ කැමැත්තෙන් තොරව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවට වරදකරු නොවන බව ඕස්ට්‍රේලියා අධිකරණයක් තීන්දු කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 28වැනිදාය.