මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වූ වැසි වැස්සත් ලබන වසරේ (2024) යල කන්නයේ දැඩි නියඟයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අංශවලට අනතුරු අඟවා තිබේ.
යල කන්නයේ වගා කටයුතු ලබන වසරේ (2024) මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න කියා සිටියේ ලබන වසරේ යල කන්නයේදී දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් කළමනාකරණය කර ගැනීම පිළිබඳව කාලගුණික අංශ විසින් දැනුවත් කර තිබෙන බවය.
එම තත්ත්වය මත මෙවර මහ කන්නය කල් ඇතිව ආරම්භ කරන ලෙසත් ජලය ආරක්ෂා කර ගන්නා ලෙසත් ගොවීන් කල් ඇතිව දැනුවත් කළ බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කීවේය. මෙම වැඩපිළිවෙළ හරහා ලබන වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වැව්වල යම් ජල ප්‍ර්‍රමාණයක් හෝ ඉතිරි කර ගැනීමේ සැලසුමක් පවතින බවද ඔහු සඳහන් කළේය.
මේ දිනවල හැකිතරම් වැසි ජලයෙන් වගා කටයුතු කරන ලෙස ගොවීන්ව දැනුවත් කර ඇතැයිද ඔහු කීවේය.

