Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කරන්ට් බිල වැඩි කරේ තොපි නිසා කියා මනු කියවන්නාට රෝහල්ගත වෙන්නම පහර දෙයි

3 years ago

මිනුවන්ගැටේ, එබවලපිටිය ගම්මානයේ නිවෙසකට විදුලි බිල ලබා දීමට පසුගිය 21 වෙනිදා ගිය මනුකියවන්නකුට නිවෙස් හිමියාත් ඔහුගේ සහෝදරයකුත් එක්ව පහරදී ඔහු හැඳ සිටි ඇඳුම් ඉරා ජංගම දුරකතනය පොළොවේ ගසා කුඩුපට්ටම් කර පලාගොස් ඇතැයි වාරියපොළ පොලිසිය කියයි.

විදුලිබල මණ්ඩලයේ වාරියපොළ කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මනුකියවන්නකු මෙසේ පහර කෑමට ලක්ව ඇත. ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

මෙම මනුකියවන්නා අජන්ත නමැති අයකුගේ නිවෙසේ විදුලි මීටරය කියවා බිල්පත ලබාදීමට යෑමේදී යාබද නිවෙසක පදිංචිව සිටින සුසන්ත නමැති අය සමඟ අජන්ත නමැති අය මත්පැන් පානය කරමින් සිට ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම පහර දීම කර ඇත්තේ මනුකියවන්නා සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන බව පොලිසිය කියයි.

මෙම පහර දීමට මුල විදුලි බිල සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බවත් බීමත්කම බවත් විමර්ශනයේදී පෙනී ගිය බව වාරියපොළ පොලිසියේ විමර්ශන භාර නිලධාරියෙක් සඳහන් කළේය.