විශ්‍රාමිකයන් සදහා මෙවර අයවැයෙන් යෝජනා කල වැටුප් වැඩිවීම ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.
අයවැයෙන් යෝජනා වූයේ විශ්‍රාම වැටුප් හිමියන්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 2,500ක දීමනාවක් ලබාදීමටය.
නමුත් ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්වය පිළිබද වාර්තාවේ සංඛ්‍යා දත්ත අනූව ජනවාරියේ සිටම එම දීමනාව ලබා දිය හැකි බව අනාවරණය වී තිබේ.

