Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසිය හා හමුදාව එක්ව වැල්ලම්පිටියේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරයි! 43ක් අත්අඩංගුවට!

3 years ago

වැල්ලම්පිටිය – සිංහපුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර සැකකාරියන් 05දෙනෙකුද වනවා.

පොලිසිය හා යුද හමුදාව එක් ව ඊයේ (25) රාත්‍රියේ සිදු කළ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු එක්ව සිටි බව සඳහන්.

එහිදී එම ප්‍රදේශයේ නිවාස 61ක් සහ පුද්ගලයන් 196ක් පරීක්ෂා කර තිබෙනවා.

මෙම මෙහෙයුම අතරතුර මත්ද්‍රව්‍ය, කඩු, මන්නා ඇතුලු තියුණු ආයුධ සහ ජංගම දුරකථන 12ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.