Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීවරුන් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 160ක පොලු තියලා! චක්‍රලේඛනයට පටහැනිව ලංවීම් සේවකයින්ට දීමනා වැස්සක්!

3 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි සැපයීම වෙනුවෙන් පසුගිය වසර අවසන් වන විට අය වීමට නියමිත ව තිබූ රුපියල් මිලියන 16ක මුදලක ගෙවීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළ ව නිකුත් කළ වාර්තාවට අනුව විදුලි සම්බන්ධතා 74ක් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර ඇති බව වාර්තා වේ.

එම සම්බන්ධතාවලින් 29කට අදාළ රුපියල් මිලියන 05ක මුදලක් වසර 06ක කාලයක් පුරා අය කර ගෙන නොමැති අතර, තවත් සම්බන්ධතා 30කට අදාළ රුපියල් මිලියන 03ක් වසරකට වැඩි කාලයක් අයකරගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

මේ අතර, 2022 වර්ෂය සඳහා නිසි අනුමැතියකින් තොර ව විදුලි බල මණ්ඩල සේවකයන් සඳහා ඉංජිනේරු දීමනා, දිරි දීමනා හා තාවකාලික දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418ක් වැය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.