පුරප්පාඩු වී පවතින පොලිස්පති තනතුර සඳහා වැඩබලන පොලිස්පතිවරයෙකු ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
රජයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුම දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති ධූරයට පත් කරන ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.
ඒ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා යන මැති ඇමතිවරුන් මූලිකත්වය ගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ සේවා දිගුව යළි දීර්ඝ කිරීමට විරුද්ධ වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමේදී ලබා දෙන ආචාර පෙළපාලි සහ උත්සව අවස්ථා ප්‍රතික්ශේප කර ඇති බවයි පැවසෙන්නේ.

