රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට පැමිණි කට්ටඩියෙකු ශාන්ති කර්මය සිදුකරමින් සිටින අතර තුර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ අවස්ථාවේ දී මියගොස් තිබෙනවා.
රම්බොඩගල්ල, ගනේගොඩ, පිහිඹූව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අසනීප තත්ත්වයකින් පසුවන පුද්ගලයෙකුගේ නිවසට ඊයේ (26) සවස කට්ටඩියා ඇතුළු පිරිස පැමිණ තිබෙනවා.
ඒ රෝගියාගේ රෝගය සඳහා ශාන්තිකර්මයක් සිදු කිරීමටයි.
එම ශාන්තිකර්මය සිදුකරමින් සිටින අතරතුර අද (27) අලුයම් කාලයේ දී කට්ටඩියාට හදිසි අසනීප තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පසුව ඔහුව වහාම රෝහල් ගත කීරිමට පියවර ගෙන තිබෙනවා.
නමුත් රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාන්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

