Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට බාලගිරිදෝෂය වැළඳෙයි! ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳ නවතම ඉඟිය මෙන්න!

3 years ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 වැනිදා සහ දෙසැම්බර් මස 02 වැනිදා අතර කාලයේ දී නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 8 වැනිදා දක්වා පැවැත් වූ අතර ඒ සඳහා අයැදුම්කරුවෝ ලක්ෂ තුනක් පමණ පෙනී සිටියහ.

පසුගිය උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ප්‍රමාද වීම මෙම ප්‍රතිඵල නිකුත් කිරීමට ද බලපෑ බව දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මින් පෙරද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වන දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා විභාග කොමසාරිස්වරයා විවිධ ප්‍රකාශ නිකුත් කළේය.

අමාත්‍යවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ දින දෙකක් තුළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවයි.

නමුත් මේ වන විට එම ප්‍රකාශය සිදු කර සතියක පමණ කාලයක් ගත වී ඇත. (source – aruna)