වාර්ෂිකව පැවැත්වෙන අබුඩාබි පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දෙකක නායකත්වයන් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් වන ඇන්ජෙලෝ මැතිව්ස්ට සහ චරිත් අසලංකට හිමි වී ඇත.
ඒ අනුව ‘නෝර්දර්න් වොරියර්ස්’ නායකත්වය ඇන්ජෙලෝ මැතිව්ස්ටත් හිමි වී ඇත. කොලින් මුන්‍රෝ, ටබ්‍රේස් ශම්සි, ජේම්ස් නීශම් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් එම කණ්ඩායම සමන්විතය.
චරිත් අසලංකට ‘චෙන්නායි බ්‍රේව්’ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත. ඉම්රාන් තහීර්, සිකන්දර් රාසා, භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් රැසක් එම කණ්ඩායම නියෝජනය කරයි.
මෙවර තරගාවලිය සඳහා චරිත් අසලංක, ඇන්ජෙලෝ මැතිව්ස්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, භානුක රාජපක්ෂ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ, ලසිත් කෲස්පුල්ලේ, නිරෝශන් දික්වැල්ල, කුසල් පෙරේරා, චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 13ක් නියෝජනය කරනු ලබයි.
කණ්ඩායම් 6ක් තරග වදින මෙවර තරගාවලියේ පළමු වටය ඊයේ (28) ආරම්භ විය.

