Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු 12ට අඩු පාසල් දරුවන්ගෙන් 34%කට දන්ත විකෘතිතා

3 years ago

වයස අවුරුදු 12ට අඩු පාසල් දරුවන්ගෙන් 34% යම් දන්ත විකෘතිතාවකින් පෙළෙන බව ප්‍රජා දන්ත වෛද්‍ය අචිනි ජයතිලක පැවසුවාය.

ඊයේ (29 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී සමීක්ෂණ දත්ත වාර්තා උපුටා දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

එසේම එම දරුවන්ගෙන් 16% පිරිසක් බරපතළ දන්ත විකෘතිතාවලින් පෙළෙන බවත් වයස අවුරුදු 15ට අඩු දරුවන්ගෙන් 16% පමණ දන්ත විකෘතිතාවලින් පෙළෙන බවටත් අනාවරණය වී ඇතැයි ඇය සඳහන් කළාය.

මෙලෙස දන්ත විකෘතිතා ඇති දරුවන්ට වයස අවුරදු 07 ඉක්මවූ පසු රජයේ රෝහල්වල පිහිටි දන්ත සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට හැකි බවද වෛද්‍යවරිය පැවසුවාය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කොළඹ ජාතික දන්ත රෝහලේ විකලාංග දන්ත විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්. සේනාධීර ප්‍රකාශ කළේ දන්ත විකෘතිතා පවතින ඕනෑම පුද්ගලයකුට වයස් සීමාවකින් තොරව ඊට අදාළ ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව පවතින බවයි.