Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2022 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් තවත් දැනුම්දීමක්

3 years ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත කේවල ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බව සඳහන්ය.

දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්‍ර අද (01) දිනයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසාදී තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 472,553 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 394,450කි.

එම නිවේදනය පහතින්.