2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා (30) රාත්‍රියේ නිකුත් විය.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූවන් අතරේ තවත් සුවිශේෂ සිද්ධීන් කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.
ඒ අතරින් අපොස සාමාන්‍ය පෙළ විභාගය අඩු වයසින් ලියූ දරුවන් දෙදෙනෙකු ගැන තොරතුරු වාර්තා වන්නේ, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන් සහ මඩුල්බෝව මුස්ලිම් මහා විද්‍යාලයෙනි.
කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔකිත දින්තරු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටි අතර, ඒ වනවිට ඔහු 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.
ඔහු විභාගයෙන් ඒ සාමර්ථ්‍ය 09ක් ලබා විශිෂ්ට ලෙස ජයගෙන තිබෙනවා.
එචැනිම තවත් පුවතක් අපට වාර්තා වන්නේ, හෙම්මාතගම ප්‍රදේශයෙනි.
දැනට 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහොමඩ් රියාෂි සාරා නම් මේ සිසුවිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට A සාමර්ථ්‍ය 09ක් ලබා විභාගය විශිෂ්ට ලෙස සමත් ව තිබේ.
ඇය හෙම්මාතගම ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන මඩුල්බෝව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකි.
මේ අතර, උපතින්ම දෙපා අහිමි වූ සිසුවියක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට A සාමර්ථ්‍ය 07ක් ලබා විභාගය සමත් වූ පුවතක් ගාල්ල උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
උඩුගම දවුල්හේන ප්‍රදේශයේ පදිංචි රුවනි වාසනා නම් වූ මේ සිසුවිය උඩුගම ගෝනදෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකි.
ඇය පළමු වැනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පාසලට පැමිණ ඇත්තේ, මව ගේ හෝ පියා ගේ සහාය ඇතුවයි.