Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිව්ස් චරිත්ට පරදී

3 years ago

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ජය ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ නොදර්න් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුළ කඩුළු 3ක් දැවී ලකුණු 106ක් රැස්කර ගැනීමට සමත් විය.

නොදර්න් වොරියර්ස් වෙනුවෙන් හස්රතුල්ලා සසායි පන්දු 32කදී ලකුණු 54ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී චෙන්නායි බ්‍රේව්ස් වෙනුවෙන් මොහොමඩ් නබි කඩුළු 2ක් දවාගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කදී කඩුළු 5ක් දැවී ලකුණු 107ක් ලබාගෙන තරගය ජය ගැනමට මත් විය.

චෙන්නායි පිල වෙනුවෙන් සිකන්දර් රාසා ලකුණු 27ක් රැස්කර ගත්තේය.

නායක චරිත් අසලංක නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 22කි.