Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන විධායක නිළධාරිනිය බවට පත් වූ ශ්‍රී ලාංකික කත

3 years ago

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරීනිය බවට ශ්‍රී ලංකාකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක තේරී ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

මීට පෙර අවස්ථාවක ද ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරීනිය බවට ඇය පත් වී සිට ඇති බව වාර්තා වෙනවා.

මෙය සඳහන් වන්නේ 2023 වසරට අදාළව නිකුත් කරන ලද Australian Financial Review නවතම සමීක්ෂණ වාර්තාවට අනුවයි.

ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනාගේ ලැයිස්තුවේ කාන්තාවන් දෙදෙනෙක් පමණක් සිටින බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රකට මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 30කට අධික බවට තක්සේරු කර ඇති බවයි.