ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නම්කර තිබෙනවා.
ඒ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.
විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකරට 15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා සභාවේ සභාපතිත්වය හිමිව තිබෙනවා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, මහාචාර්ය අර්ජුණ ද සිල්වා, නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන ආනා පුංචිහේවා, මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු එලෙස නම් කළ සාමාජිකයින් අතර වනවා.
මීට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුණ රණතුංග කටයුතු කරනු ලැබුවා.
එමෙන්ම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාද පත් කර තිබෙනවා.

