Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් දැරියක් අපයෝජනය කළ 21 හැවිරිදි හිමිනම

3 years ago

බාල වයස්කාර දැරියක ස්ත්‍රී දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක 21 හැවිරිදි හිමිනමක සහ එයට අනුබල දුන් දැරියගේ දෙමව්පියන් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසනවා.

පොලීසිය පැවසුවේ, සැකකාර හිමිනම කළුතර ප්‍රදේශයේ පෙර වැඩවිසූ විහාරස්ථානයේ දහම් පාසලේ ඉගැන්වීම් කර ඇති බවත්, එහිදී හිමිනම දැරිය සමග සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවයි.

සැකකාර හිමි මේ වනවිට ප්‍රදේශයේ වෙනත් විහාරස්ථානයක වැඩවසන බවත්, දැරියගේ නිවසට නිරන්තරයෙන් පැමිණෙන බවත්, ප්‍රදේශවාසීන්ගෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති මහත්මියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් පොලිසිය පැවසුවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවත්, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති මහත්මිය පරීක්ෂණ පවත්වනු ලබනවා.