Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ සමත් අසමත් සිසුන් සියල්ලන්ට ලැබුණු සුබ පණිවිඩය

3 years ago

සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් දෙපිරිසටම මෙරට තුළ වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව පවතින බව තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රතීතන සහ තත්ත්ව කළමනාකරණ පිළිබඳ අධ්‍යක්ෂ සමන් රූබසිංහ මහතා පැවසීය.

දිවයින පුරා පාසල් 525 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර වෘත්තීය පුහුණු ආයතනය මඟින් පුවත්පත් දැන්වීම පළ කළ පසුව අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සියළුම සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

එසේම මෙම සියළු පාඨමාලා රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් සකස් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

සමන් රූබසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන 101 කතා (වන් – ඕ – වන් කතා) වැඩසටහනට පසුගියදා එක්වෙමිනි.

මෙම වැඩසටහනේදී පළමු වසර පාසල තුළ වෘත්තීය අධ්‍යාපනය ලබාදීම සිදු කරන අතර , අනෙක් වසර තුළ වෘත්තීය පුහුණු ආයතනයකට යොමු කර NVQ මට්මමේ සහතිකයක් ලබාදෙන බවද පැවසු ඒ මහතා NVQ 4 සහතිකය ලබාගැනීමෙන් අනතුරුව ඩිප්ලොමා, උසස් ඩිප්ලොමා මෙන්ම උපාධිය දක්වා යොමු වීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය.