Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රැකියාවක් සොයා කොළඹ ආ යසාරා අවසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගනියි! උපාධිය නිම කර මාස 2යි!

3 years ago

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගීවීමට කොළඹ ගිය තරුණියක් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරුවී තිබේ.

යසාරා හංසමාලි ගුණසේකර නමති ඇය හදිසියේ අසනීපවී රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් ඇත.

යසාරා බදුල්ල ස්ප්‍රිංවැලි පාසල් පෙදෙස පදිංචි තරුණියකි.

ගැහැණු ළමයින් දෙදෙනෙකු සිටින පවුලේ වැඩිමහල් දරුවා ඇය වූවාය. ඇයගේ මව වන සන්ධ්‍යා බදුල්ල මහ නගර සභාවේ රාජකාරි කරන අතර පියා ගාමිණි ගුණසේකරය.

ඇයගේ අනෙක් සහෝදරිය ද කොළඹ සරසවියේ මේ වනවිට අධ්‍යාපනය හදාරමින් සිටී.

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිප් සතර හැදෑරු යසාරා විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේ 2017 වසරේ දීය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර ඇය මියයන විට ගතවී තිබුණේ මාස දෙකක කාලයක් පමණි.

එහි අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුරදීම රැකියාවක් සඳහා පෞද්ගලික ආයතනයකට ඇය විසින් යොමුකරන ලද ඉල්ලුම් පතකට අනුව ඒ සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙස ඇයට මෙම සිදුවීමට දින කිහිපයකට පෙර දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව යසාරා ස්ප්‍රිංවැලි නිවසේ සිට කොළඹ යන්නේ එම සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමටය. එම සම්මුඛ පරීක්ෂණයේ මූලික කොටස නිමවුවත් ඇයට තවත් දවසක් දෙකක් කොළඹ නතරවීමට සිදුවන්නේ එම සම්මුඛ පරීක්ෂණයේ තවත් අදියරක් පැවැත්වෙන නිසාය.

ඒ පිළිබඳව තම පියාට දැන්වීමෙන් පසු ඔහු තමාගේ ළඟම හිතවතෙකුගේ නිවසක එම දින කිහිපය නතර වීමට අවශ්‍ය කටයුතු සලසා දුන්නද ඇය එහි නොගොස් තම සරසවි යෙහෙළියන් සිටින නේවාසිකාගාරයේ එම දින දෙක තුන නතරව සිටීමට තීරණය කර සම්මුඛ පරීක්ෂණය නිමාවෙන් පසුදින (01) පස්වරුවේ එහි ගොස් ඇතැයි වාර්තා වෙයි.

එලෙස යෙහෙළියන් සමග කාලය ගත කරමින් සිටින අතර හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාදීමට ඇයගේ යෙහෙළියන් රාත්‍රී 10.30ට පමණ ඇයව රාගම රෝහලට රැගෙන යෑමෙන් පසු එම රෝහලේ වාට්ටු අංක 22ට ඇතුළත් කළ බවත් ඇයගේ යෙහෙළියෝ සඳහන් කළහ.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය (02) දින දහවල් 11.30ට පමණ යසාරා මියගොස් ඇති අතර, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් 03 වන දින සිදුකර තිබුණි.

අනතුරුව ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක ප්‍රියංකර ලාල් මහතා විසින් මෙම තරුණියගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදෙමින් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කරන ලෙස දන්වා ඇයගේ දේහය සහෝදරිය හා මව වෙත භාරදී ඇත.

එලෙස භාරගත් යසාරාගේ දේහය ඇයගේ ස්ප්‍රිංවැලි නිවසට රැගෙන ඒමෙන් අනතුරුව එහි තැන්පත් කර තිබුණි.

තරුණියට සිදුවු අවාසනාවන්ත සිදුවීම පිළිබඳව කනවැකුණු බොහෝ පිරිසක් වැල නොකැඩී එම නිවසට පැමිණෙන්නේ යසාරාට අවසන් ගෞරව දැක්වීමටය.

යසාරාගේ අවසන් කටයුතු ඊයේ (04) ස්ප්‍රිංවැලි පොදු සුසාන භූමියේ දී විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදු කෙරුණි.(adaderana)