Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙමාපියන්ගෙන් එල්ල වූ දෝෂාරෝපණ නිසා සාමාන්‍ය පෙළ අසමත් සිසුවිය සිය දිවි නසාගනී

3 years ago

මෑතකදී ප්‍රතිඵල නිකුත් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ යාපනයේ දැරියකට නිවසේ දෙමව්පියන්ගෙන් එල්ල වූ දෝෂාරෝපණ ඉවසා ගැනීමට නොහැකිව ඇය ඊයේ (05) ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ අරාලි නැඟෙනහිර වලෙයි අම්මාන් වීදියේ පදිංචිව සිටි ශිවකුමාර් බානුප්‍රිය නමැති 17 හැවිරිදි නැමති ශිෂ්‍යාවක්.

ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ඇය දෙමව්පියන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොමැති නිසා ඔවුන් ඇයට දොස් නගා තිබෙනවා.

මේ ගැන දුකෙන් පසු වූ ඇය නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවසේ බාලකයක එල්ලි සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මියගිය දැරියගේ මෘත ශරීරය යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම සදහා ඥාතීන් වෙත බාර දී ඇති බවයි සඳහන්කර සිටියේ.