නොරොච්චෝලය ප්‍රදේශයේ පසුගිය 02වනදා සිදු කළ කොල්ලකෑමකට අදාළ සැකකරුවන් දෙදෙනෙක් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ලැබී ඇති තොරතුරුවලට අදාළව එම සැකකරුවන් දෙදෙනාගේ හැඩරුව දැක්වෙන පරිදි සිතුවමක් සකස් කර ඇති අතර එවැනි පුද්ගලයෙකු පිළිබඳව දන්නේ නම් කඩිනමින් දැනුම් දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
ඔවුන් රුපියල් කෝටි 02කට ආසන්න මුදල් සහ දේපොළ කොල්ල කා ඇති බව සඳහන්.
පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සහ අදාළ සිතුවම් පහත දක්වා ඇත.



