Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෑන් රථයක ගැටී ගුරුවරයෙකුට බරපතල තුවාල

3 years ago

මුලතිව් පුදුකුඩිඉරිප්පු නගරයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි ගුරුවරයෙක් ඊයේ (07) වෑන් රථයක ගැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ ගුරුවරයා පදවා ගෙන ගිය යතුරුපැදිය වෑන් රථයේ ගැටී යතුරුපැදිය සමඟ වාන් රථය යටට තල්ලු වී ඇති බවයි.

එහිදී පුදුකුඩිඉරිප්පු නගරයේ සිටි පිරිස ගුරුවරයා බේරා ගෙන රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ වෑන් රථය වැරදි ලෙස ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.