2020 වසරේ පැවති කොවිඩ් වසංගත තත්වය තුළ නැගෙනහිර පළාතේ ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ සේවය කරන පුද්ගලයගෙන් අඩු කර ගැනීමට කටයුතු කළ දිනක වැටුපට අදාළ මුදල් නැවත ඔවුන්ට ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ඇතුලු සිව් දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කරමින් ලංකා ගුරු සංගමය විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව නිකුත් කර තිබුණා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ කොවිඩ් වසංගත තත්වය පැවති කාල සීමාව තුළ කිසිදු එකඟතාවයක් නොමැතිව රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් කපා හැරීමට නැගෙනහිර පළාතේ එවක ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කළ බවයි.
කෙසේවෙතත්, අදාළ තීරණයට විරුද්ධව ගොනු කරන ලද පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, එලෙස එකඟතාවයකින් තොරව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපා හැරීම නිවැරදි නොවන බවට තීන්දු කර තිබුණා.
ඒ අනුව, එලෙස කපා හරින ලද රුපියල් 32, 778, 656 (තුන් කෝටි විසි හත් ලක්ෂ හැත්තෑ අට දහස් හයසිය පනස් හයක්) පසුගිය මාසයේ වැටුප සමඟ නැගෙනහිර පළාතේ ගුරුවරු, විදුහල්පතිවරු ඇතුලු අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන් වෙත යළි ලබා දීමට කටයුතු කර තිබෙනවා.

