රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරා ගත් තරුණියන් දෙදෙනෙක් ගැන කඩවත ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම වංචාවට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තිදෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මවගේ අනියම් සැමියායි.
සැකකාරියන් දෙදෙනා 22 සහ 19 යන වයස්වල පසුවන අතර, සැකකරු විසින් විසින් මොවුන් දෙදෙනාව අපරාධවලට යොදවාගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
මොවුන් විසින් දුරකථන සමාගමකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් සිම්පත් මඟින් අන්තර්ජාල ඔස්සේ අදාළ ගායකයාගේ බැංකු ගිණුමට ඇතුළු වී මෙම මුදල් වංචාව සිදුකර ඇත.
මෙම සැකකරුවන් විසින් එවැනිම ආකාරයෙන් රුපියල් කෝටි 03කට අධික මුදලක් රෝගීන් 11 දෙනෙකුගෙන් ද වංචාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී පසුගියදා අනාවරණය වී තිබේ.
අදාළ ගායකයාගේ බැංකු ගිණුමෙන් සොරාගන්නා ලද මුදල් විවිධ බැංකු ගිණුම්වලට සහ ෆිනෑන්ස් සමාගම්වලට යොමුකර ඇති අතර, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් කර ඇපල් වර්ගයේ ජංගම දුරකථන පවා මිලදීගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන්.
රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙහි ප්‍රධාන සැකකරු ස්ත්‍රී දූෂණ ඇතුළු කොල්ලකෑම් රැසකට අදාළව පවතින නඩු 25කට අධික ප්‍රමාණයක චූදිතයෙක් බවත් සඳහන්.

