Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම ආන්දෝලනයට ලක් කරමින් පුවත් මැවූ තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

3 years ago

කොළඹ මහාධිකරණ අංක 04 මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුතුමන් ඉදිරිපිටදී 2021 වසරේ සිට විභාග වූ නඩු විභාගයෙන් අනතුරුව තිළිණි ප්‍රියමාලි අද (11) දින නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

2012 වසරේදී සමිත් අනුරුද්ධ නමැති අයකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමාට අයත් කාර් රථය මිලදී ගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 68ක චෙක් පතක් ලබාදී එය අගරු වීම නිසා සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද මත වඩුවාවලගේ තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුවක් පවරණු ලැබුවා.

ඉන් අනතුරුව ඊට අදාල මහාධිකරණ නඩු විභාගය 2021 වසරේ අධි චෝදනා ගොණු කිරීම මඟින් ඇරඹී තිබූ අතර, මේ දක්වා එහි නඩු විභාග කටයුතු පැවතියා.

අද දින එම නඩු විභාගයෙන් අනතුරුව අධි චෝදනා පත්‍රයෙහි සඳහන් ඉහත කී අධි චෝදනාව අධිකරණයෙහි පවත්වාගෙන යා නොහැකි බවටත්, චංචල දේපළ පැවරීමේදී විශාල නීත්‍යානුකූල අණ පනත් ප්‍රමාණයක් පවතින බවටත්, ඒවා අනුව මෙම නඩුවට අදාල ගනුදෙනු සිදුවී ඇති බවටත් තීරණය කරනු ලැබුවා.

එමෙන්ම මෙම දෙපාර්ශවය අතර තිබූ සමීප සම්බන්ධතා හේතුවෙන් මෙම ගණුදෙනු සිදුවී ඇති බවටත්, පසුව එම සම්බන්ධතා අතර ප‍්‍රශ්න මතුවූ පසු මෙම ආරවුල පැන නැගී ඇති බවටත්, ඒ අනුව තව දුරටත් මෙකී චෝදනා චූදිත තිලිණි ප්‍රියමාලිට එරෙහිව පවත්වාගෙන යා නොහැකි බවටත් තීරණය කොට මෙම නඩුවෙන් ඇයව නොදොස් කොට නිදහස් කර තිබෙනවා.