වැලිකන්ද‚ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයකින් පසු එහි සිටි රැදවියන් 140 කට අධික සංඛ්‍යාවක් පළාගොස් ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එරන්ද රත්නායක ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පළාගිය රැදවියන් 104 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ද බවයි.
මෙම පිරිස මීගස්වැව, හිගුරක්ගොඩ, පුලස්තිපුර, වැලිකන්ද සහ පොලොන්නරුව පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (11) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රැඳවියන් පළාගොස් තිබුණා.
පළාගිය රැදවියන් මහැවලි ගග ඔස්සේ සහ සෝමාවතිය වනෝද්‍යානයේ වනගත ප්‍රදේශවල සැඟව ඇතැයි සැක කරන බැවින් පොලිස් සහ යුද හමුදා එකාබද්ධව තවදුරටත් මෙහෙයුම් දියත් කරන බවයි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එරන්ද රත්නායක කියා සිටියේ.

