Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

අලුතින් 5000ක් පොලිස් සේවයට බඳවා ගැනීමට පියවර

3 years ago

අපරාධ මැඩලීමේ අරමුණින් එළඹෙන 2024 වසරේ දී අලුතින් පොලිසියට 5000ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

විපක්ෂ නායකවරයා 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ දැනට සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 21422ක්, විශේෂ කාර්ය බලකායේ පුරප්පාඩු 2345ක්, ඇති අතර නිලධාරි හිඟයක් පවතින්නේ ශ්‍රී ලංකා පොලිසියට නිසි පරිදි නිලධාරීන් ස්ථානගතවීම නොවීම නිසා නොව පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් නව නිලධාරීන් බඳවා නොගැනීම නිසාය. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව 2023 වසරේ නිලධාරීන් දෙදහසක් බඳවාගෙන ඇති අතර 2024 වර්ෂයේදී තවත් නිලධාරීන් 5000ක්‌ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.